මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසනවා.

ඒ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියෙන් පසුව දිවයිනම ආවරණ වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අවශ්‍ය ස්ථානවල පොලිස් මුරපොල ඵීහිටුවීමටද මේ වන විට පියවර ගෙන තිබෙනවා.

අද මැදියම් රැයෙන් පසුව ක්‍රියාත්මක නිහඩ කාලසීමාව තුළ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් වී එෆ්එම් ප්‍රවෘත්ති වෙත කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතායි මේ.

LEAVE A REPLY