කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය කාරය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිති ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වන විටත් ක්‍රියාත්මක වනවා.

වරාය සත්‍යග්‍රහය මුල් කරගනිමින් සිදු වන මහජන පීඩා වළක්වමින් අදාළ මාර්ග අවහිර වන සේ විරෝධාතා නොකරැන්නැයි එම සේවකයින්ට දන්වා අධිකරණ නියෝගයක් ඊයේ පස්වරුවේ නිකුත් කළා.

වෘත්තිය සමිති ඉල්ලා සිටින්නේ මහා මැතිවරණයට පෙර කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය පිළිබද තීරණය ලඛිතව ලබා දෙන ලෙසයි.

මේ වන විට අදාළ වෘත්තීය ක්‍රියා මාර්ගය සඳහා සිවිල් සංවිධාන හා තවත් වෘත්තීය සමිති රැසක් ද මේ සඳහා එක්ව සිටිනවා.

ඊයේ දිනයේ වරාය අධිකාරියේ සභාපතිවරයා සහ වෘත්තීය සිමිති නායකයින් අතර සාකච්ඡාවක් පැවති අතර එයද අවසන් වූයේ විසඳුමකින් තොරවයි.

LEAVE A REPLY