නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 31 කට තවදුරටත් ගුවන් ගමන් සිදු නොකිරීමට කුවේටය තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඊට හේතුව බවයි එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දියාව, පකිස්ථානය, ඊජිප්තුව, පිලිපීනය සහ ලෙබනනයද මෙම රටවල් 31 ට අයත් බව සඳහන්.

චීනය, ඉරානය, බ්‍රසීලය, මෙක්සිකෝව, ඉතාලිය සහ ඉරාකය යන කොවිඩ් ආසාධිතයන් බහුලව හමුවූ රටවල් වෙතද ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් කටයුතු ඊයේ සිට සියයට 30 ක මගී ධාරිතාවයකින් ආරම්භ කෙරුණා.

මේ වනවිට එරටින් කොරෝනා ආසාධිතයන් 67,000 ක් සහ මරණ 400 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY