බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතනවල අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි බංග්ලාදේශය දිවයිනට පැමිණීමට මීට පෙර නියමිතව තිබුණේ.

ජූලි මසයේ දී මෙම තරග සංචාරය සිදු කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

ඒ අනුව මෙම තරග සංචාරය ඉදිරි දිනකදී සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු වන අතර, සංචාරය සදහා පන්දුවාර 20යි 20 තරග 3ක් ද ඇතුළත් කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

LEAVE A REPLY