මෙම වසරේ මුල් මාස තුන තුළ කොරෝනා වෛරසය ආශ්‍රිතව පැතිර ගිය සාවද්‍ය තොරතුරු හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 800 දෙනෙකු මිය ගොස් ඇති බවට පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

නිවර්තන වෛද්‍ය විද්‍යාව සහ සනීපාරක්ෂාව පිළිබඳ ඇමරිකානු ජර්නලයේ පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු හේතුවෙන් පුද්ගලයින් 5,800 ක් පමණ රෝහල් ගත කර ඇති බවයි.

මෙහිදී මෙතනෝල් හෝ මධ්‍යසාර නිෂ්පාදනය කර පානය කිරීමෙන් බොහෝ පිරිසක් මියගොස් ඇති බවට එම අධ්‍යයන වාර්තාවේ සඳහන්.

පසුගිය කාලය පුරාවට කොවිඞ් 19 සදහා ප්‍රතිශක්තිකරණ ආහාර ලබා ගැනීම සුදුසු බවට වෛද්‍ය මත පල වුණා.

කෙසේ වෙතත් එලෙස ප්‍රතිශක්තිකරණ ආහාර ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම, නිර්දේශ කළ ආහාරයන්ට සමාන ආහාර ද්‍රව්‍ය ගැනීම ආදී ක්‍රියාවන් මගින් පුද්ගලයින්ගේ සෞඛ්‍යයට බරපතල බලපෑම් සිදුව ඇති බවයි අදාළ පර්යේෂකයන පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව සුදුළූණු විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීම, ආසාදන වැලැක්වීමේ මාර්ගයක් ලෙස විටමින් විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීම වැනි ක්‍රියාමර්ග ගෙන ඇති අතර ඇතැම් පුද්ගලයින් ගව මුත්‍රා වැනි ද්‍රව්‍ය ද පානය කර ඇති බවයි අදාළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

LEAVE A REPLY