පාර්ලිමේන්තුවේ නව කතානායක ධුරයට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

කතානායක ධුරයට හිටපු කතානායකවරයකු වන චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇතත් ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මෙතෙක් කිසිවකු යෝජනා වී නැහැ.

මෙම 20 වැනිදා නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී නව කතානායකවරයා පත් කිරීම පළමුව සිදු කෙරෙනු ඇති.

LEAVE A REPLY