ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව කොවිඩ් රෝගීන් 64,142ක් තහවුරු කරගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,006ක්.

මේ අතර වසංගතය මර්දනයට විධිමත් පියවර නොගත හොත් තවත් මාස ගණනක් පුරා ඉන්දියාවෙන් ඉහළ කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වනු ඇතැයි වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.
මේ වනවිට ලොව කොරෝනා මරණ වැඩිම රටවල් අතර සිව්වන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි.

එරටින් මේ දක්වා කොවිඩ් රෝගීන් 24ලක්ෂ 59,613ක් වාර්තා වන අතර මරණ 48,144ක් සිදුව තිඛෙනවා.

මේ අතර කොරෝනා වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 54,068ක් වාර්තා වුණා. බ්‍රසීලයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 54,402ක් වනවා.

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයන් දෙකෝටි දසලක්ෂ 63,982ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව සටහන් වන්නේ හත්ලක්ෂ 52,607ක් ලෙසයි.

LEAVE A REPLY