ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සුරාබදු ස්ථානයේ  නිලධාරින් විසින් මහජනතාවගෙන් ලද පැම්ණිල්ලකට අනුව රහසිගතව සිදු කළ විශේෂ මෙහෙයුමක දී හෙරොයින් මිලි ග්‍රෑම් 2665ක් සමග සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනිමට සමත්විය.

   එම හෙරොයින් වල වෙළදපොල වටිනාකම රුපියල් විසිපන්දහසක් පමණ අගයක් ගන්නා බව සුරාබදු නිලධාරීන් පවසයි.

     අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර නගර සීමාවේම පදිංචි වයස අවුරුදු 17ත් 20ත් අතර පසුවන්නන් වූ අතර ඔවුන් 2020.09.15 වන දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් පස් දෙනෙකු එක් අයෙකුට රුපියල් 5000/= බැගින්  එකතුව රුපියල් 25000/= ක දඩ පමුණුවා ඇති අතර එක් සැකකරුවකු ඉදිරි අධිකරණ කටයුතු සදහා ඇප මත නිදහස් කර ඇත.

    උතුරු මැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමේධ වසන්තසිරි මහතාගේ උපදෙස් පරිදි සුරාබදු අධිකාරී වනිගතුංග මහතාගේ අධීක්ෂණයෙන් අනුරාධපුර සුරාබදු ස්ථානයෙහි ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක අජිත් වර්ණකුලසූරිය මහතා සමග සුරාබදු නියාමකවරුන් වන 1102 බුද්ධික බටගල්ල1126 ලහිරු රාජපක්ෂ 1204 මධුසංක යන නිලධාරීන් විසින් මෙම වැටලිම සිදු කරන ලදි.

LEAVE A REPLY