අයිස් යුගයේ ජීවත් වූ වලසෙකුගේ දේහයක් රුසියානු ආක්ටික් ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබෙනවා.

ඊසානදිග රුසියාවේ ලියාකොව්ස්කි දූපත්වලින් මෙම වලසාගේ සිරුර හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

වලසුන්ගේ දත් හා නාසය මෙන් සමානව පවතින මෙම වලසා මීට වසර 22,000 සිට 39,500 කට පෙර ජීවත් වූ දුඹුරු වලසුන් විශේෂයක් යැයි සැලකෙනවා.

මෙම වලසා සම්බන්ධයෙන් ඊසානදිග ෆෙඩරල් විශ්ව විද්‍යාලය විසින් මේ වනවිට පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY