ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන එක් දිනකට එකක් ලෙස සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

විදෙස් රටවල සිට පැමිණෙන අයගෙන් බොහෝ දෙනා කොරෝනා ආසාදිතයින් වීම ඊට හේතුවී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කළේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට විශාල උනන්දුවකින් කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, නවතම වර්ධනයන් සමඟ එය දිනකට එක් ගුවන් ගමනකට සීමා කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

LEAVE A REPLY