රත්නපුර අවිස්සාවේල්ල මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

අද අලුයම අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් නතර කර තිබූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් දෙදෙනෙකුයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY