කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියයන මත්ස්‍යයින් කරවල ලෙස වියලා අලෙවි කරන බවට තොරතුරු වාර්තා වනවා.

මින්නේරිය වැවේ මත්ස්‍යයින් මියයාම සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

සති දෙකක සිට පවතින මෙම තත්ත්වයට හේතු සොයා ගැනීමට මේ දක්වා හැකිවී නැහැ.

එමෙන්ම මියයන මත්ස්‍යයින් කිසිදු සතෙකු විසින් ආහාරයට නොගන්නා බවද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මින්නේරිය වැවේ පවතින තත්ත්වය සොයා බැලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු නිලධාරීන් එම ප්‍රදේශයේ සංචාරය කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මියයන මත්ස්‍යයින් වියලා කරවල ලෙස වෙළෙඳපොලට යොමු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙම මත්ස්‍යයින් අලෙවි කිරීම හෝ ආහාරයට ගැනීම සිදුනොකරන ලෙස දැනුම්දී තිබියදී ඇතැමුන් මෙලෙස කටයුතු කරන බවයි හිගුරක්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY