කොංගෝ නිදහස් ව්‍යාපාරයේ නායක පැට්‍රිස් ලුමුම්බාගේ දතක් ආපසු ඔහුගේ පවුලට භාරදෙන ලෙස බෙල්ජියමේ උසාවියක් විසින් තීන්දු කර තිබෙනවා.

එම අධිකරණ තීන්දුව පිළිබද ලුමුම්බා පවුලේ වර්තමාන සාමාජිකයන් බලවත් සතුටට පත්ව ඇතැයි සදහන්.

නෑකමින් ඔහුගේ බෑණා කෙනෙකු වන ෂෝන් ෂක් ලුමුම්බා බෙල්ජියම් අධිකරණ තීන්දුව විස්තර කරන කර ඇත්තේ එය යහපත් පියවරක් ලෙසයි.

‘පැට්‍රිස් ලුමුම්බා කියන්නේ අපි කවදාවත් මිහිදන් නොකරපු චරිතයක්. බෙල්ජියමේ උසාවියේ තීන්දුව සත්‍යය දැනගැනීම සඳහා ගත් හොඳ පියවරක්. එය ඉටුකර ගන්න අදියර කීපයක් යන්න වෙනවා‘ බෑණනුවන් වන ෂෝන් ෂක් ලුමුම්බා ප්‍රකාශ කර තිබෙනවා.

බෙල්ජියම් අධිකරණය නියෝග කර තිබෙන්නේ ලුමුම්බාගේ මළසිරුරින් ගළවා ගන්නා ලද දත ඔහුගේ දියණිය වන ජුලියානාට භාරදෙන ලෙසයි. තම පියාගේ මලසිරුරින් උගුලා ගන්නා ලද එම දත තමාට භාරදෙන ලෙස ඉල්ලා සිටිමින් ජුලියානා ලුමුම්බා බෙල්ජියමේ රජතුමා වෙත ලිපියක් යොමුකර තිබුණා.

පැට්‍රිස් ලුමුම්බා 1960 දී බෙල්ජියමෙන් නිදහස ලද කොංගෝවේ පළමු අගමැතිවරයා වියග බෙදුම්වාදී කැරලිකරුවන් විසින් අල්ලාගන්නා ලද ලුමුම්බා මරාදමන ලද්දේ 1961 වසරේදීයග

බෙල්ජියම් යටත්විජිත පාලනයෙන් සියරට නිදහස්කර ගැනීම සඳහා ලුමුම්බා 1958 දී කොංගෝ ජාතික ව්‍යාපාරය පිහිටුවන ලද අතර, ඝාතනය කරදමනු ලබන තෙක්ම ඔහු එම සංවිධානයට නායකත්වය දුන්නා.

LEAVE A REPLY