මාතලේ විජයපාල විද්‍යාලයේ පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට පාසල වෙත ඇතුල්වීම අවහිර කරමින් පොලිසිය විසින් පිවිසුම් මාර්ගය වසා දැමීමට එරෙහිව විරෝධතාවක් මාතලේ නුගගහමුලබස් නැවතුම්පල ඉදිරිපිටදී පැවති අතර ගේට්ටුව විවෘත කිරීමට පොලීසිය එකගවිමත් සමග විරෝධතාව අවසන් වී තිබෙනවා.

පාසල වෙත කුමාරවිදීය දෙසින් ඇතුල්විමට ඇති මාර්ගය අවහිර කර ගේට්ටුවක් දැමීමෙන් 2500ක් පමණ වු පාසල් සිසුන් කිලෝමිටරයකට වැඩි දුරක් අමතරව ගමන් කිරිමට සිදුවිමෙන් සිසුන් පිඩාවට පත්ව ඇති අතර පසුගිය කොරෝනා තත්වය හේතුවෙන් පාසල් වසා තිබියදී පොලිස් නිළ නිවාස අසලින් විද්‍යාලයට යාමට ඇති එම මාර්ගය අවහිර කර ගේට්ටුවක් යොදා ඇති අතර එය වහාම ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාව පැවැත්වුණා.

විරෝධතාවට දෙමාපියන් ආදි සිසුන් හා ගුරු මංඩලය විසින් සංවිධානය කිර තිබුණු අතර එම විිරෝධතාවට මාතලේ ප්‍රාදේශීය සභා සභාපති කපිල බණ්ඩාර තෙන්නකෝන් මහතාද එක්ව සිටියා.

LEAVE A REPLY