සියඹලාණ්ඩුව මහකලු ගොල්ල පොලිස් වසමට අයත් වැවේ යාය ප්‍රදේශයේ විෂක් ශරීර ගත වීමෙන් ඇතින්නක් මියගොස් තිබෙනවා..

ගම්වාසීන් සිදු කල දැනුම් දීමකට අනුව ඊයේ දින මියගිය ඇතින්නියගේ සිරුර සොයාගෙන ඇති අතර මෙම ඇතින්න වැවේ යාය ප්‍රදේශයේ ගෙවත්තක වැටි සිට ඇත්තේ මිට දින හතරකට ඉහතදී බවයි වනජිවි නිලධාරින් පෙන්වා දෙන්නේ.

ඇතින්නට ප්‍රතිකාර කටයුතු කිහිපයක් කලද එය සාර්ථක වී නොමැති අතර පසුව එම ඇතින්න ඊයේ දින ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

වයස අවුරුදු දහයකට ආසන්න වයසක පසුවන මෙම ඇතින්න උස අඩි අටකට ආසන්න උසකින් යුක්තයි.

මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇතින්න මියගොස් ඇත්තේ විෂක් ශරීර ගත වීමෙන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහකලුගොල්ල පොලිසිය සහ වනජීවි නිලධාරීන් විසින් විමර්ශන සිදුකරනු ලබනවා.

වාර්තාකරු – ජයන්ත වීරසේකර (වැල්ලවාය)

LEAVE A REPLY