දහනව වැනි සංශෝධනයෙන් රටට උනු විනාශය වලක්වගන්න විසිවෙනි සංශෝධනය රටට ගෙන එන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අවධාරණය කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලය අද (16) උදෑසන පොලොන්නරුව ජාතික තරුණ සේවා සභා දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පවසා සිටියේය.

පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අමරකීර්ති අතුකෝරළ මහතා , ඉඩම් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දිස්ත්‍රික් ලේකම් ධර්මසිරි මහතා මහත්වරුන් විසින් මෙහිදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු කාර්යාලය විවෘත කරනු ලැබීය.

රටේ උන්නතිය උදෙසා මේ රට දිගින් දිගටම අගාධයට අරගෙන ගිය ,දහනව වැනි සංශෝධනය හොඳ කාරණා කීපයක් තියෙනවා නං එය විසි වැනි සංශෝධනයට ඇතුළත් කරන්නත්,හැබැයි මේ රටේ ජනතාව දුන්නු වරම ,ඒ විධායක ජනාධිපතිධූරය අතපය බැඳලා දාලා තිබුණා,කාරණාත් එක්ක ඒ ජනාධිපතිතුමාට තිබුණු බලතල,නැති වෙලා රටට ජනතාවට සාධාරණයක් වුණා.ඒ මේ රටට හානිකර වූ දහනව වැනි සංශෝධනය අතිබහුතරය යෝජනා සියල්ල ඉවත් කරලා.විශ්ව වැනි සංශෝධනය තුළ මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ජනතාව ලබාදුන්නෝ විධායක ජනාධිපති වරයාගේ නියම වරම ජනතා සේවය උදෙසා ගේන්නත් ඒ සංශෝධන ටික ක්‍රියාත්මක කරනවා කියලා අපි විශේෂයෙන්ම මතක් කරනවා.

මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

පොලොන්නරුව රොෂාන් තුෂාර තෙන්නකෝන්

LEAVE A REPLY