කටාන අක්කර පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් කෝටි 3 ක මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් පත්කර තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි කොල්ලකරුවන් විසින් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් ඊයේ මෙම කොල්ලකෑම් සිදුකර තිබුණා.

කටාන පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධියේ මූලික පරීක්ෂණ සඳහා ව්‍යාපාරිකයාගේ නිවසේ හා ඒ අවට ඇති සී සී ටී වී කැමරා දර්ශන උපයෝගි කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

LEAVE A REPLY