අක්කරපත්තු, ඔළුවිල් ප්‍රදේශයේදී රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අක්කරපත්තු පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.

එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 19,000ක මුදල් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

LEAVE A REPLY