මිනුවන්ගොඩින් මතු වූ කොරෝනා පොකුරේ විශේෂතා පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ මිනුවන්ගොඩ ආසාධිතයින් තුළ පවතින වෛරස් ප්‍රබේදයේ යම් වෙනසක් සිදුව ඇත්ද යන්න පර්යේෂකයින්ගේද සැකය වී ඇති බවයි. නව කොරෝනා ආසාධන ක්‍රියාවලිය ඉතා ආක්‍රමණශීලී තත්ත්වයක් විය හැකි බවද මේ තත්ත්වය තුළ වැඩි පිරිසකට රෝගය වැලදීමේ ඉහළ හැකියාවක් පවතින බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසුවා.

උන, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, සෙම්ප්‍රතික්‍ෂාව වැනි රෝග ලක්‍ෂණ කොරෝනා ආසාධිතයන් පහසුවෙන් හදුනාගත හැකි ප්‍රධාන රෝග ලක්‍ෂණ වුද කොරෝනා රෝගයේ මූලික ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයින්ද දැන් දැන් වාර්තාවීම තුළ තත්ත්වය තවත් බරපතල වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දුන්නේ රෝග ලක්‍ෂණ නොපෙන්වන රෝගීන් වාර්තාවීම අවදානම් සහිත කාරණයක් ලෙස සලකන බවයි. එමෙන්ම තමන්ටද කොරෝනා ආසාධනය වී තිබිය හැකිය යන විශ්වාසය තුළ සිටිමින් මුව ආවරණ පැලදීම වැනි ආරක්‍ෂිත ක්‍රමවේද සියළු පුද්ගලයින් විසින් අනුගමනය කිරීම රෝගය පැතිරීම වැලැක්වීම වෙනුවෙන් ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ග භවද ඔහු පෙන්වා දුන්නා.

LEAVE A REPLY