නොවැම්බර් මාසය අවසන්වීමට පෙර කොවිඞ් 19 එන්නතක් සඳහා හදිසි අනුමැතිය ලබාගැනීමට ඇමරිකානු සමාගම් දෙකක් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිය කොවිඞ් 19 එන්නතෙහි සුරක්ෂිතභාවය පිළිබඳ දත්ත ලැබීමත් සමඟ නොවැම්බර් මාසයේ තුන්වන සතියේදී එය දියත් කිරීමට අපේක්ෂා කරන බවයි එරට ෆයිසර් සමාගම නිවේදනය කර ඇත්තේ.

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදාට යෙදී ඇති අතර, ඉන් සති තුනකට පසු සිය කොවිඞ් 19 එන්නත සඳහා අනුමැතිය ලබාගැනීමට මොඩර්නා සමාගම අපේක්ෂා කරන බව සඳහන්.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, නොවැම්බර් මාසය අවසන්වීමට පෙර කොවිඞ් එන්නත් දෙකක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත්, මෙලෙස අනුමැතිය ලබාගන්නා කොවිඞ් එන්නත් සුලබ ලෙස ලබාගැනීම සඳහා තවත් මාස ගණනාවක ගත වනු ඇති බව විශේෂඥයන් අනතුරු අඟවනවා.

LEAVE A REPLY