මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදාගනිමින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම් සැලසුම් කර තිබු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට අනාවරණ වී තිබෙනවා.

පළමු ප්‍රහාරයෙන් පසුව අදියර 3 ක් යටතේ ප්‍රහාරයන් රැල්ලක් සිදුකිරීමට සූදානම් වී සිටි බවටයි හෙළිදරව් වී ඇත්තේ.

අත්අඩංගුවේ පසුවන සහාරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණ වූ බවද කොමිසමේදී අනාවරණය වී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ලබාදුන් සාක්ෂිවලදී මේ පිළිබඳ තොරතුරු හෙළි වුණා.

2019 වසරේ මාර්තු මාසය වන විට ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම් සහ නවුෆර් මවුලවි අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් හටගෙන ඇති බව අදාළ නිලධාරියා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා.

ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගැණුනු සහාරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් සිදුකරනු ලැබු ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වූ බවයි එම නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY