කොරෝනා හේතුවෙන් විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

දිවයිනේ කොරෝනා ව්‍යාප්තියත් සමග මේ වනවිට එම කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එම අමාත්‍යාංශ්‍යය සඳහන් කළේ.

ගුවන් භාණ්ඩ රැගත් ගුවන් යානා මගින් දැනට විදේශ රටවල සිටින පුද්ගලයින් විටින් විට මෙරටට රැගෙන ඒමට පියවර ගත්තා.

අසනීප තත්ත්වයෙන් සිටින පුද්ගලයින් ද මෙරටට රැගෙන එන අතර, මෙරට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා රටවල් 10 අගනුවර 19 ක් කරා පියාසර කිරීමද සිදු කෙරෙනවා.

විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් 54,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇතැයි සඳහන්.

LEAVE A REPLY