ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඞ් රෝගීන් 115 දෙනා සමග මිනුවන්ගොඩ කොවිඞ් පොකුර දෙදහසේ සීමාව පසුකර යාමට සමත් වුණා.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 42ක් ඊයේ පස්වරුවේ වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.

මොවුන් අතුරින් විසි දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 20 දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව සමග ඇතිවූ මෙම කොවිඞ් පොකුර නිසා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2016ක්.

මේ අතර, කොළඹ නගර සභාවේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් කරනු ලැබ තිබූ පීසීආර් පරීක්ෂණයේ වාර්තාව මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව රෝසි සේනානායක මහත්මියට කොරෝනා ආසාදනය වී නොමැති බවයි තහවුරු වී ඇත්තේ.

LEAVE A REPLY