රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ සියලුරෑම රෝගී සත්කාරක සේවාවන් සඳහා විවෘතව පැවතිය ද රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීමේ වේලාවල් සීමා කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ රෝගීන් බැලීම සඳහා දිනකට එක්වරක් පමණක් පැමිණෙන ලෙසයි.

ඒ අනුව වෙනදා මෙන් පැයක පමණ කාලයක් රෝගියා සමග රැඳී නොසිටින ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සඳහන් කළේ රෝහල් සායනවල පිරිස් අඩු කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම රෝගියාට ලබාදෙන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නවතා ඇති බව ඔහු පැවසුවා.

මේ අතර දැනට පවතින තත්ත්වය හේතුවෙන් කොළඹ අගරදගුරු පදවියේ ඔක්තොම්බර් 18 සහ 25 යන ඉරු දිනයන්හි දිව්‍ය පූජාවන් නොපැවැත්වෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර ඇති බව සදහන්.

LEAVE A REPLY