කිසියම් විභාග මධ්‍යස්ථානයක සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොවන අයුරින්, වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් ඒ පිලිබඳ දැනුම් දීමට අධ්‍යාපන අමාත්‍යංශය දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මේ අනුව ඇමතුම් අංක1988 ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් දැක්වුණේ.

කොවිඞ් වෛරසයේ ව්‍යාප්ති තත්වය හේතුවෙන් රට තුළ මතුව ඇති අවදානම උපරිමයෙන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන අංශයන්හි පූර්ණ සහයෝගය ද ලබාගනිමින් දරුවන් සුරක්ෂිත ව විභාගයට යොමුකිරීමට සුදුසු පසුබිමක් මේ වනවිට සකස්කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

එමෙන් ම විභාගයට පෙනීසිටින සියලූ දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයන්හි විශබීජහරණ කටයුතු සහ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය12 වනදා ආරම්භ කෙරුණු උසස් පෙළ විභාගය නොවැම්බර් මස 06 වැනි දින තෙක් විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගය සඳහා අයදුම් කර ඇති සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 62,824ක්.

LEAVE A REPLY