ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් අද පැවැත්වෙනවා. ඒ, හෙටින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී කටයුතු කලයුතු ආකාරය පිළිබඳ එහිදී සාකච්ඡා කිරීම සඳහායි.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් හෙට පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව තිබෙනවා. පණත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 10 සිට රාත්‍රී 07.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY