එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරය සඳහා එම පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරය සඳහා නාමයෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර තරුණ නායකයෙකු ඒ සඳහා පත් කිරීම සුදුසු බවයි පක්ෂ නායකත්වයේ අදහස වී ඇත්තේ.

මීට පෙර එම මන්ත්‍රි ධුරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට ලබාදීම සුදුසු බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී මෙන්ම බොහෝ ජ්‍යෙෂ්ඨයින්ද ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ තමා ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරය බාර නොගන්නා බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීම සඳහා පක්ෂ නායකයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වීමට ද නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ අතර එම පක්ෂයේ වැඩිම මනාප සහිත ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් මන්ත්‍රිවරයා බවට පත්වූයේ ද අකිල විරාජ් කාරියවසම් මහතායි.

මේ අනුව ඔහුට මෙම මන්ත්‍රි ධුරය ලබාදිම සුදුුසු බවයි පක්ෂයේ බොහෝ සාමාජිකයින්ගේ මතය වී ඇත්තේ.

LEAVE A REPLY