කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සියලූ සේවකයින් අද සිට සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ අදාල කර්මාන්තශාලා විසින් සපයන ප්‍රවාහන සේවා වලින් පමණක් බව පොලිසිය දැනුම් දෙනවා. මේ අනුව සිය පෞද්ගලික වාහන භාවිත කරමින් සේවයට වාර්තා කිරීමට හෙට සිට ඔවුන්ට අවසර හිමි නොවන
බවයි පොලීසිය සඳහන් කළේ.

වෙළෙඳ කළාපයේ සේවකයින් කිහිප දෙනෙක් සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත්‍රයක් සේ යොදා ගනිමින් සේවයට පැමිණෙන මුවාවෙන් වෙනත් ප්‍රදේශ වෙත ගමන් කර සිටියදී පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබුණා.මෙම තත්වය හමුවේ කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමට ඇති අවධානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ආසන්නයේ පිහිටි නේවාසිකාගාර වල නැවතී සිටින සේවකයින්ට අවශ්‍ය නම් පා ගමනින් ද සේවය සදහා වාර්තා කල හැකියි. ඊයේ පස්වරුව වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපයෙන් වාර්තාවී තිබූ කොවිඩි ආසාධිත සේවකයන් ගණන 213 ක්.

LEAVE A REPLY