පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව විසින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තිබූ එම කමිටු රැස්විම් තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, රටේ පවතින වත්මන් කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

මහජන ඒකරාශී වීම් වැළැක්වීම සහ සමාජ දුරස්ථ භාවය රඳවා ගැනීම යන සෞඛ්‍ය නිර්ණායක පදනම් කරගෙන කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා සහ කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අනුව හෙට දිනයේ සිට ලබන 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ කෝප් සහ කෝපා කමිටු රැස්වීම් සියල්ල අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY