කොරෝනා වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය නිෂ්පාදනය කිරීමට යෝජිත ක්වැක්ස් එන්නතට රටවල් 184 ක දායකත්වය ලැබී ඇති බව එම සංවිධානය නිවේදනය කරනවා.

මේ වන විට වෛරසයට එරෙහිව අත්හදා බැලෙන සාර්ථකම එන්නත නිෂ්පාදනය හා බෙදා හැරීම ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානය භාරගෙන තිබෙනවා.

ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ක්වැක්ස් කණ්ඩායමේ සාමාජික රටවල් 184 හරහා ලබා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඞ්රෝස් පවසනවා.

යුරෝපා සංගමයට අයත් රටවල්වන , චීනය, ලතින් ඇමෙරිකා, දකුණු අප්‍රිකා හා ඉරානය, ඉරාකය ඇතුලු‍ රටවල් 184 ක් ක්වැක්ස් කණ්ඩායමට මූල්‍ය දායකත්වය සපයන අතර ඊට සම්බන්ධ වීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවයි ඇමෙරිකාව පවසන්නේ.

LEAVE A REPLY