මිනිසුන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා සමහර විට රට අගුලු‍ දැමීම අවශ්‍ය බව අගමැති පවසයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ රට වසා දැමීම සහ සෞඛ්‍ය පූර්වෝපායන් සෑම කෙනෙකුටම දුෂ්කර විය හැකි අතර සමහර විට මිනිසුන් ආරක්‍ෂිතව තබා ගැනීම අවශ්‍ය වන බවයි .

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් සමඟ අද පැවති සාකච්ඡාවකදීයි .

ආයෝජන, අපනයන, සංචාරක සහ covid-19 වසංගතයට එරෙහිව සටන් කිරීම ඇතුළු දෙරට අතර තවදුරටත් සහයෝගීතාවයේ අංශ ගණනාවක් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ ස්විට්සර්ලන්ත තානාපතිවරයා සාකච්ඡා කර තිබෙනවා .

කොරෝනා වයිරස් රෝගයට රජය ප්‍රතිචාර දක්වන ආකාරය පැහැදිලි නීති රීති ප්‍රකාශයට පත් කොට ඒවා බලාත්මක කිරීම සම්බන්දයෙන් තානාපතිවරයා ප්‍රශංසා කර තිබෙනවා .

“ඔබ ඣඪෂෘ සමඟ කටයුතු කරන ආකාරය මම අගය කරමි,” තානාපති ෆර්ග්ලර් පැවසීය. ”‍මට මේ ආකාරයෙන් ආරක්ෂිත බවක් දැනේ.”‍

කොවිඞ් වසංගතය පැතිරයාම වැළැක්වීම සඳහා රජය දරන උත්සාහයට දායක වීම සඳහා ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකාවට ගුවන්තොටුපලේ වේගවත් ඡක්‍ඍ පරීක්ෂණ සඳහා උපකරණ රැසක්ද සපයා තිබෙනවා .

තත්වය වැඩිදියුණු වූ වහාම ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමට උත්සාහ කිරීම සහයෝගීතාවයේ කොටස ක් බව ඒ මහතා පවසා ඇති බව සදහන් .

ඒ සඳහා ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, පුහුණුව ලබා දීම සහ විෂයමාලාව සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික සහාය ද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ .

ස්විට්සර්ලන්තය මේ වන විට ශ්‍රී ලංකාවේ 8 වන විශාලතම ආයෝජකයා වනවා .

අපනයන සම්බන්ධයෙන්, ස්විට්සර්ලන්තයේ ජීඑස්පී + පහසුකමෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ස්විට්සර්ලන්තයට අපනයන නිෂ්පාදන පරාසය තවදුරටත් විවිධාංගීකරණය කළ හැකි ක්‍රම පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබෙනවා .

LEAVE A REPLY