ස්ථාන කිහිපයක නිර්මාණය වෙමින් තිබූ කොරෝනා පොකුරු මේ වන විට පාලනය වෙමින් තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමත්න හේරත් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් ආයතන ආශ්‍රිතව ද ආසාධීතයින් වාර්තා වුවද එය මිනුවන්ගොඩ හා පෑලියගොඩ යන පොකුරු තරම් බරපතල නොවන බවයි.

මේ අතර හුදෙකලා ප්‍රදේශවල ජනතාව ඇදිරිනීති බලපත්‍ර ඉල්ලා සිටින තත්ත්වයක්ද නිර්මාණය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසනවා. ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එැවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙසයි.

එමෙන්ම රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමෙන් කොරෝනා වෛරසය ආසාධනය වී ඇතිදැයි අනාවරණ කර ගත නොහැකි බවත් ඒ සඳහා පීසීආර් හෝ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවක් සිදුකරගැනීම අනිවාර්ය බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ජනතාව මේ පිළිබඳ පැහැදිලිව අවබෝධ කර ගත යුතු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසුවේ.

LEAVE A REPLY