ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන විදේශීය ක්‍රීඩකයින්, කාර්ය මණ්ඩල සහ තරඟාවලි සංවිධායකයින් මේ වනවිට තරඟ පැවැත්වෙන හම්බන්තොට සූරියවැව ප්‍රදේශය වෙත පැමිණෙමින් සිටින බව වර්තා වනවා. ඒ අනුව ලබන 26 වැනිදා ආරම්භ වන තරඟාවලිය දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරා ගැනුණු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් කායික ආබාධයකට ලක්වීම හේතුවෙන් තමා තරඟාවලියට සහභාගි නොවන බව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සිටින වඩාත් පළපුරුදු ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රීඩකයා වන ලසිත් මාලිංග තරඟාවලියෙන් ඉවත් වී ඇත්තේ ඒ සඳහා සූදානම්වීමට කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින්.

මේ අතර, කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණු එංගලන්ත ක්‍රීඩක කබීර් අලීට කොරෝනා ආසාදනය වීම නිසා දිවයිනට නොපැමිණෙන බව දන්වා ඇති අතර, ඔහු වෙනුවට දකුණු අප්‍රිකානු ප්‍රවීන ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් පත්කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමටයි. ඒ අනුව රංගන හේරත් ඔහුගේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

LEAVE A REPLY