කොරෝනා හේතුවෙන් මෙරට පුද්ගලයන් මහමග මියයන බවත් එනිසා රටටම ඇදිරි නීතිය පනවන බවට සදහන් කරමින් අසත්‍ය ප්‍රචාර සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පතුරුවන විදෙස්ගත පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීම කෙරෙහිද ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි සඳහන්.

කොරෝනා සම්බන්ධයෙන් දේශීය හා විදේශිය පුද්ගලයන් බියට පත්කරන අසත්‍ය පුවත් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පුද්ගලයන් තිස් දෙදෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

LEAVE A REPLY