ලබන සඳුදා සිට පාසල් ආරම්භ කිරීමේදී අවදානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගුරු සංගම් රජයට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ලංකා ගුරු සංගමය යෝජනා කර ඇත්තේ ලබන 23දා සිට 11, 12 සහ 13 ශ්‍රේණි පමණක් ආරම්භ කිරීමට පියවර ගත යුතු බවයි.

කොරෝනා ආරම්භයේදී ක්‍රියාත්මක වූ ආකාරයේ විධිමත් වැඩපිළිවෙළක් මෙවර ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නැතැයිද එබැවින් සියලු පන්ති ආරම්භ කිරීමට පෙර ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් හදුන්වාදිය යුතු බවද ගුරු සංගම් රජයට යෝජනා කර තිබෙනවා.

මේ අතර ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දී ඇත්තේ පාසල් නැවත ආරම්භ වීමට නම් මේ මොහොතේ විෂබීජහරණ ක්‍රියාවලියක් අනිවාර්යෙන් සිදුවිය යුතු බවයි. එවැනි වැඩපිළීවෙලක් හෝ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකර පාසල්වල සියළු පන්ති ආරම්භ කිරීම කාලෝචිත හා ඥාණාන්විත ක්‍රියාවක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ ලබන 23 දා සිට ක්‍රියාත්මක වන පරිදි 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කිරීමට මේ වන විට සියළු කටයුතු සිදුකර අවසන් බවයි. එමෙන්ම බස්නාහිර පළාතේ සහ හුදෙකලා හා අවදානම් කලාපවල පාසල් ලබන 23 දා විවෘත නොකිරීමටද තීරණය කර ඇති බව අමාත්‍යංශය මීට පෙර දැනුම් දී තිබුණා.

LEAVE A REPLY