බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තවත් රැදවියින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා ප්‍රකාශ කළා.

ඉකුත් 19 වැනිදින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැදවියන් තිස් දෙදෙනෙකු පිසිආර් පරික්ෂණයට ලක් කරනු ලැබුවා.

එම වාර්තා අනුව 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති අතර තවත් 04 දෙනෙකුගේ පිසිආර් සාම්පල් දෙවැනි රසායනාගාර පරික්ෂණයට යොමු කර තිබෙනවා.

LEAVE A REPLY