ලොවපුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඞ් -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සඳහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකවරියක් ලෙස ශ්‍රී ලංකාවේ උපන් වෛද්‍යවරියක් වන මහේෂි එන්. රාමසාමි ඇතුලත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ඇය එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඇති අතර, කොවිඞ් -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඞ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන පුරෝගාමියෙක් ලෙස ලෝ ප්‍රකට වී තිබෙනවා.

එම එන්නත සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ සායනික කටයුතු සම්බන්ධයෙන් වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සෙට් හි පළ කර තිබු වාර්තාවේ ඉහළින්ම සටහන්ව ඇත්තේ වෛද්‍ය මහේෂි රාමසාමි ගේ නාමයයි.

ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ, ක්‍රයිස්ට් විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති ඇය, බෝවන රෝග සහ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඞ් සහ ලන්ඩන් වෛද්‍ය ආයතනවලින් උපාධි ලබාගෙන තිබෙනවා.

LEAVE A REPLY