කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කාන්තාව සොයා ගැනීමට මේ දක්වා නොහැකි වී ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස පලාගොස් ඇති කොරෝනා ආසාධිත කාන්ත ඇහැළියගොඩ පදිංචි තැනැත්තියක්. එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමගයි ඇය පෙරේදා රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණේ.

දරුවා ඥාතීන් වෙත භාරදී අදාල කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් හෝ එම ප්‍රදේශයේම සැඟව සිටින බව පොලිසියේ විශ්වාසයයි. වයස අවුරුදු 25 ක් වන අදාළ කාන්තාව තවදුරටත් අතුරුදන්ව සිටීම අනතුරුදායක තත්ත්වයකට හේතුවක් විය හැකි බැවින් ඇය හදුනාගැනීමේ පහසුව වෙනුවෙන් ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මේ වන විට ලැබී ඇති තොරතුරක් වන්නේ අදාල කාන්තාව කිරිඇල්ල නගරයට යාබද කැලෑබඳ ප්‍රදේශයක සැඟව සිටින බවයි. එම ප්‍රදේශය ආවරණය වන පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන් මෙහෙයුම් දියත් වන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

LEAVE A REPLY