සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මන්ත්‍රීවරයා පිළිගැනීමේ උත්සවයක් අද තංගල්ල ධීවර වරායේ ධිවරයින් විසින් සංවිධාන කර තිබුණා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා අමු මාළු ආහාරයට ගැනීමේ සිද්ධියත් සමඟ මත්ස්‍ය වෙළෙඳාම මේ දිනවලදී සාර්ථකව සිදුවන බව පවසමින් එම උත්සවය සංවිධාන කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහිදී මත්ස්‍ය වෙළෙන්දන් කියා සිටියේ, මන්ත්‍රීතුමා විසින් අමු මාළු අනුභව කර පෙන්වූයේ ඇයිද යන්න නූගත් පිරිස් විසින් විවේචනය කරමින් සිටින බවයි.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, එදා තමා මාළු ආහාරයට ගෙන පෙන්නුවේ මාළු ආහාරයට ගැනීමට බිය නොවෙන ලෙස ජනතාවට පැවසීමට බවයි.

ධීවරයන් වෙනුවෙන් තමන් එසේ සිදු කළ බවත් අද වනවිට මාළු මිල ඉහළ ගොස් ඇති බවත් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY