අයි.ඩී.එච්. රෝහලෙන් පලා ගොස් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් කොරෝනා ආසාදිත කාන්තාවගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මීට දින 3කට පෙර පලා ගිය අදාළ කාන්තාව, ඇහැලියගොඩ – ඉඳුරංගල ළඳු කැලෑවක සැඟවී සිටියදී ඊයේ රාත්‍රියේ පොලීසිය භාරයට ගනු ලැබුවා.

ඒ අනුව එම කාන්තාව ගමන් කළ බවට ප්‍රකාශ කළ ගමන් මාර්ගය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ මාර්ග ඔස්සේ පොලිසිය ඇතුළු සෞඛ්‍ය අංශ හඹායාමක් සිදුකරන බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY