නැවත දැනුම්දෙනතුරු උතුරු සහ නැගෙනහිර මුහුදු කළාපයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ඒ, මේ වන විට පවතින කාළගුණ තත්ත්වය ඉතා අවදානම් වීම හේතුවෙන්.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර මුහුදේ දැනටමත් ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා කඩිනමින් ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කරන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙන්නේ.

LEAVE A REPLY