සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා යාපනය, පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ශිවාජිලිංගම් මහතා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේ සිට නිවස වෙත පිටත්ව යාමට ගිය අවස්ථාවේ මෙලෙස සර්පයෙකු දෂ්ඨ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, හදිසි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මේ වනවිට සාමාන්‍ය වාට්ටුවට මාර කර ඇති බව පේදුරුතුඩුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔහුගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් පවතින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY